පුවත්
ගුණ-දම් යුරෝපයේ දිග හැරෙන බෞද්ධ පුනරුදය පිළිබඳ ලේඛණගත කර ඉස්මතු කරයි. වර්තමානයේ, මහාද්වීපය පුරා ශ්‍රී ලාංකික ථෙරවාද බෞද්ධ දර්ශනයේ කැපී පෙනෙන පුනර්ජීවනයක් පවතී. ස්වීඩනයේ මුල් බැස යුරෝපය පුරා ක්‍රමයෙන් වර්ධනය වන මෙම ව්‍යාපාරය, ශ්‍රී ලාංකික සංස්කෘතියේ සහ කලාවේ පොහොසත්කම සමඟ සමෘද්ධිමත් වෙමින්, විචිත්‍රවත් සංස්කෘතික හා අධ්‍යාත්මික පිබිදීමක් ඇති කරයි.
තවද එක් සමයෙක් හී සකල ගුණ නිදාන වූ තිලෝගුරු බුදු රජානන් වහනසේ සැවැත් නුවර නිසා ජේතවනාරාමයෙහි
වැඩ වසන සේක් පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අරඹයා මේ ජාතකය දක්වා වදාල සේක. ඒ කෙසේද යත්
ඒ පසු බට වීර්ය ඇති භික්ෂුන් වහන්සේ පළමු පරිද්දෙන්ම අවශේෂ භික්ෂූන් වහන්සේ විසින් බුදුන් සමීපයට
කැඳවාගෙන අවුත් පෑ කල්හි බුදුහුගේ භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට එම්බල තෝ මෙබඳු මාර්ග
ඵලදායක ශාසනයෙහි මහණව විර්ය හරණෙහිද. ලක්ෂයක් වටනා ඝන රන් තලියෙන් පිරිහුනා වූ සේරිවාණිජ
වෙළෙන්දා මෙන් බොහෝ කාලයක් ශෝක කරන්නේ වේදැයි වදාරා තුෂ්ණිම්භුතව වැඩ උන් සේක. එකල්හි
එතැනට රැස් වූ භික්ෂූන් වහන්සේ සකසා හැඳ පෙරව පල භාරයෙන් නැමනා වූ කදැලි වෘක්ෂයක් මෙන් බුදු
රජානන් වහන්සේට අභිමුඛව නම් නච බන්ධාඤලීව දොහොත් මුදුනෙහි තබා භක්ති ප්‍රේමාති භාර වනෝත්තම
මාංගයෙන් නමස්කාර කොට සිට ඒ අර්ථය ප්‍රකාශ කරන පිණිස සර්වඥයන් වහන්සේට ආරාධනා කළ සේක.(more.....)
2025 නොවැම්බර් මස 15 වන දින Aulan, Gymnasievägen 1, 141 38 Huddinge ශාලාවේදී පවත්වන්නට යෙදුන “ස්වීඩන් කලා උදානය” සංස්කෘතික මහෝත්සවය සංවිධානය කරන ලද්දේ ස්වීඩනයේ ලලිතකලා ඇකඩමිය විසිනි. මෙහිදී ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකීය සාම්ප්‍රධායික කලාවන් ප්‍රගුණ කල සහ ප්‍රගුණ කරමින් සිටින පිරිසගේ ආරම්භක සන්දර්ශන පියවරකි. ඊට අමතරව ශ්‍රී ලාංකීය සාම්ප්‍රධායික හස්ථකර්මාන්ත ප්‍රදර්ශනයක් සහ අලෙවි සැලක් ජනක ජයසිංහ මහතා විසින් ද, නවක ලාංකීක ලේඛිකාවක් වන නිමන්කා කෞෂල්‍යා විසින් සම්පාධිත ස්වීඩන් භාෂා අභ්‍යාස වැඩපොත් සහ ස්වීඩන් භාෂාවෙන් රචිත ළමා කතන්දර පොත් සහ ලෝකයේ පළවෙනි වතාවට නිර්මිත ලලිතකලාවේදී ඉන්ද්‍රජිත් වෑවලගේ විසින් නිර්මාණය කරන ලද, බෞද්ධ ජාතක කතා චිත්‍රකතා පත්තරය දොරට වැඩුම වැනි ඓතිහාසික කාරනා එදින සිදු කරන ලදි. (more....)
තපොවනාරාමය පිහිටා ඇත්තේ ස්වීඩනයේ ස්ටෙක්හෝම් අගනුවර ආල්බි හි ය. එය වර්ෂ 2006 දී Albyvägen 12, 6tr, 145 59 Norsborg. ආරම්භ කර ඇත.
මෙම විහාරස්ථානය මගින් සියළුම බෞද්ධ වතාවත් සහ මානසීක විවේකය පිණිස භාවනා කටයුතු සිදු කරනු ලබයි. 2023 වර්ෂාවසානයේ සිට 2025 ආරම්භය තෙක් මෙම විහාරයේ විහාරාධිපති පූජ්‍ය වටපාන පඤ්ඤාරතන හිමිපාණන්ගේ ඇරයුමින් ලලිතකලාවේදී ඉන්ද්‍රජිත් වෑවලගේ ශිල්පියා විසින් මහණුවර සාම්ප්‍රධායික කලා ශෛලිිියට චිත්‍ර නිර්මාණය කරමින් යුරෝපයේ ප්‍රථම ශ්‍රී ලාංකීක ථේරවාධී විහාරයක් ලෙස බෞද්ධ දර්ශනයට අනු කූලව විහාර මණ්ධීරයක් ගොඩනගන ලදි.
තපොවනාරාම විහාරය - ස්වීඩන්


Contact
Reach out for support or questions anytime.
Phone
+46 767 707 627
© 2025. All rights reserved.




